Saturday, May 18, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට




මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදීයි. 

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් ඊයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගියා. එලෙස මියගියේ 51 හැවිරිදි පියෙකු සහ 23 සහ 24 හැවිරිදි පුතුන් දෙදෙනෙක්. මීට වසර තුන හතරකට පෙරදී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැකකරන බවයි පොලීසිය පැවසුවේ.