Saturday, May 18, 2024

General line - 0115112241

ඛණිජ තෙල්, විදුලිය හා ශ්‍රී ලංකන් පාඩුව රාජ්‍ය ආදායමට වඩා තුන්ගුණයක් බව හෙළි වෙයි




ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ ලබන පාඩුව සමස්ථ රාජ්‍ය ආදායමට වඩා තුන් ගුණයකට ආසන්න බව අනාවරණ වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ මෙම රාජ්‍ය ආයතන තුන මේ වසරේ අවසන් කාර්තුව වන විට ලබා ඇති සමස්ථ පාඩුව රුපියල් බිලියන 4,000 ක් පමණ වනු ඇති බවයි. 

කෙසේවෙතත් සමස්ථ රාජ්‍ය ආදායම ද පවතින්නේ රුපියල් බිලියන 1,450 ක මට්ටමකයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් රජයට වැයවන මුදල රුපියල් බිලියන 1,428 ක්. ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ ලබන පාඩුව සමස්ථ රාජ්‍ය ආදායමට වඩා තුන් ගුණයක් වනු ඇති.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස අදහස් පළ කළා.