Saturday, May 18, 2024

General line - 0115112241

ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබද සම්මානය මෙවර ශ්‍රී ලංකාවට

ටී ජී කේ කපිල




ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය මගින් පිරිනමන ලද “ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා” ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ, කාම්බෝජයේ පෙනොන් පෙන් නගරයේ දීයි. වසර 04කට වරක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පිරිනමන මෙම සම්මානය ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට පිරිනැමූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.