Sunday, May 19, 2024

General line - 0115112241

ලංකාවට රැගෙන එමින් තිබූ කිලෝ 200ක හෙරොයින් ඉන්දියාවේදී අත්අඩංගුවට




ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට අලෙවි කිරීම සදහා රැගෙන ආ බව පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සමග සැකකරුවන් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දිය නාවික හමුදාව, එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය සමග ඉකුත් බ්‍රහස්පතින්දා සිය මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුමකදීයි.

අනතුරුව සැකකරුවන් පිරිස කේරලයේ කොචී වෙත රැගෙනවිත් තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ සම්පුර්ණ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1200ක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.

අදාල මත්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානය වෙත රැගෙනවිත් එහිදී ඉරානයට අයත් බෝට්ටුවකින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට විකිණීම සදහා රැගෙන විත් ඇතැයි ඉන්දීය බලධාරීන් සදහන් කළා. මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ඉරාන ජාතිකයින් 6 දෙනෙකු බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

සැකකරුවන් පැමිණි බෝට්ටුව ජල ආරක්ෂිත බෝට්ටුවක් බවත් අදාළ හෙරොයින් තොගය ස්ථර 7 කින් යුත් ඇසුරුම්වල බහා තිබී ඇති බවත් ඉන්දීය බලධාරීන් සදහන් කළා. මත්ද්‍රව්‍ය  ඇසුරුම් කර තිබූ පැකට්ටුවල ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානත්මක පිරිස් වලට අනන්‍ය වූ සලකුණු සහ ඇසුරුම් විශේෂතා ඇති බවයි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරින් පවසා සිටින්නේ.