Sunday, May 19, 2024

General line - 0115112241

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ක්ෂේත්‍ර කිහිපයකට දැඩි බලපෑම් - ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කියයි




සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ක්ෂේත්‍ර කිහිපයකට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය පවසනවා. එහි කැදවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ මේ හරහා දෛනික විදුලි කප්පාදුව ද දීර්ඝ වනු ඇති බවයි. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත.

කෙසේවෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ඉන්ධන ගැටලුවක් පැන නොනගින බවයි අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ ඊයේ සිටයි. බොරතෙල් ගොඩබෑම සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවූ බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර එහිදී ප්‍රකාශ කළා. විදේශ විනිමය ලද වහාම අදාළ බොරතෙල් ගෙන්වා පිරිපහදුවේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.