Sunday, May 19, 2024

General line - 0115112241

උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්




කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තර දේවී නගරාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතරදී පීලී පැනීමකට ලක්ව තිබෙනවා.

එම දුම්රියේ එන්ජිම පීලී පැන ඇති බවයි දුම්රිය ආරක්ෂක අංශය පැවසුවේ.

එම එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය ආරක්ෂක අංශය වැඩිදුරටත් පැවසුවේ.