Friday, May 3, 2024

General line - 0115112241

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 76 දෙනෙකු මරුට




නයිජීරියාවේ අග්නි දිග අනම්බ්‍රා ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 76 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඔක්බාරු ප්‍රදේශයේදී පුද්ගලයින් 60 දෙනෙකු රැගත් බෝට්ටුව මෙලෙස අනතුරට ලක් වුණ බවයි.

ජීවිතක්ෂයට පත්වූවන් අතර වැඩිදෙනෙක් කාන්තාවන් හා ළමුන් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි නයිජීරියානු ජනාධිපති මුහම්බදු බුහාරි සදහන් කර ඇත්තේ. 

මේ අතර වෙනිසියුලාවේ කරකස් අග නුවරට දෙසින් වූ ලාස් ටෙජරිස් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 22දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 52දෙනෙකු වනවා.