Friday, May 3, 2024

General line - 0115112241

යුක්‍රේනයේ අගනුවරට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්




යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේන හමුදා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව විසින් කිව් නගරයට මිසයිල 75ක්  පමණ එල්ල කර ඇති බවයි.

එම ප්‍රහාරවලින් සිවිල් පුද්ගලයින් 8දෙනෙකු මියගොස් තවත් 24දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

කිව් අගනුවර අවට පිහිටි සෙසු නගරවලට ද ප්‍රහාර එල්ල වී ඇති බවද එම වාර්තාවල සදහන්. රුසියාව යුක්‍රේනයේ කිව් අගනුවරට එලෙස මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ මාස කිහිපයකට පසුවයි.