Friday, May 3, 2024

General line - 0115112241

පැය එක හමාරක් දුරකථන සහ රූපවාහිනී වසා තබන්න ඉන්දියාවෙන් අපූරු තීරණයක්




දරුවන් සහ වැඩිහිටියන් රූපවාහිනියට සහ ජංගම දුරකථනයට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක් අපූරු පියවරක් ගෙන තිබෙනවා. ඒ, සෑම නිවසකටම, සෑම දිනකම සිය රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා කාලයක් ලබාදෙමින්.

ඒ අනුව සෑම දිනකම රාත්‍රී 07 ට රූපවාහිනී සහ ජංගම දුකථන ක්‍රියාවිරහිත කිරීමට ජනතාවට දැනුම්දෙනවා. ඒ, සයිරන් නාදයකින්. ඉන්පසු රාත්‍රී 08 යි 30 ට යළි සයිරන් නාදයක් නිකුත් කරන අතර රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීමට අවසර ඇත්තේ ඉන් පසුවයි. 

මෙම අපූරු තී්රණය ක්‍රියාත්මක කරන මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් අදාළ ගම්මානයේ ජීවත් වන පිරිස 3,000 කට ආසන්නයි.

ගම් සභාවේ සභාපති විජේ මෝහිට් පවසා ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසු ළමුන් මෙන්ම වැඩිහිටියන් ජංගම දුරකථන සහ රූපවාහිනියට වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇති බව අනාවරණවී ඇති බවයි. එමෙන්ම දෙමාපියන් සහ දරුවන් එකිනෙකා කතාබස් නොකරන තත්ත්වයන් ද වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ඔහු පවසනවා.