Thursday, May 16, 2024

General line - 0115112241

චීන ජාතිකයෝ විනෝදයෙන් ඈත් වෙති




රට මුහුන පාමින් ඇති ආර්ථික අර්බුදය හා එහි කඩා වැටීම හමුවේ චීනයේ කුටුම්භවල ක්‍රය ශක්තිය මෙන්ම එදිනෙදා වියදම් කපා හැරීම් වර්ධනය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ වියදම් ඉහළ යාම හමුවේ චීන වැසියන් බොහෝදෙනෙකු විනෝදය සදහා කරන ගෙවීම් මෙන්ම සංචාරය සදහා කරන වියදම්වලින් ද ඈත් වෙමින් සිටින බවයි.

කඩා වැටෙමින් ඇති ආර්ථිකය චීන ජනතාව තුළ අපේක්ෂා භංගත්වයක් නිර්මාණය කර ඇති අතර ඒ හරහා ඔවුන් විනෝදය සහ සංචාරයන් සදහා අධෛර්යමත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කඩා වැටෙමින් ඇති ආර්ථිකය පමණක් නොව දිගින් දිගටම රට තුළ ක්‍රියාත්මක දැඩි ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ද චීන ජනතාව සංචාරක සහ විනෝදය වැනි දෑ මගින් ඈත් කිරීමට බලපා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාතික දිනය වෙනුවෙන් ඔක්තෝබර් 01 වනදායින් ආරම්භ වූ චීනයේ සතියක නිවාඩු කාලය සදහා එරට ජනතාවගේ සංචාරක වියදම් යුවාන් බිලියන 287 යි දශම 2 ක් දක්වා සියයට 26 කින් අඩුවී ඇති බවයි එරට සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පැවසුවේ.

2014 වසරේ සිට මේ දක්වා චීන ජනතාව සංචාරක වියදම් සැලකිය යුතු අයුරින් අඩු කර ඇති අවස්ථාව මෙය බවයි චීන බලධාරීන් පවසන්නේ.