Friday, May 17, 2024

General line - 0115112241

කොදෙව්වන්ට ලකුණු 161ක ඉලක්කයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ බී කණ්ඩායේ තරගයක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන්නා. ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. 

මේ අතර මෙම තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්විමට නියමිතයි. අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් එහිදි තරග වදිනවා.