Friday, May 3, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහි තරඟයෙන් අයර්ලන්තයට පෙරළිකාර ජයක්




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ අද පැවති තීරණාත්මක පළමු තරඟයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 05 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 146 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ එක් කඬුල්ලක් පමණක් දැවී ලකණු 150 ක් රැස්කරමින් තරඟය ජය ගත්තා.

ඒ අනුව අයර්ලන්තය සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර කොදෙව්වන්ට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර B කාණ්ඩයේ තීරණාත්මක දෙවන තරඟය තව නොබෝ වේලාවකින් ආම්භ වනවා.