Friday, May 3, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමතිවරුන්ට එරෙහි පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි




රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ, අදාල පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයී.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 02 වන දා කැඳවන ලෙසයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාල ගැසට් නිවේදනය මගින් රාජ්‍ය අමාත්‍යවරයකුට මසකට ලීටර් 1500 ක ඉන්ධන ලබා දීම, දුරකථන සම්බන්ධතා හතරක් ලබාදීම, පුද්ගලික කාර්ය මණ්ඩලය සඳහා එකොළොස් දෙනකු ලබාදීම, කාර්ය මණ්ඩල වියදම් වශයෙන් රුපියල් 40,000 ක් ලබාදීම ඇතුළු පහසුකම් හා වරප්‍රසාද රැසක් සලසා ඇති බවයි.