Friday, May 3, 2024

General line - 0115112241

ආණ්ඩුවයි විපක්ෂයයි එක්ව 22 දිනවයි




22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පමණක් පනතට විරුද්ධව ඡන්දය භාවිත කළා.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම්දුන්නා.

පසුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුන්වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න.

මේ අතර විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. මේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී දැක්වූයේ මෙවන් අදහසක්.

මේ, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

මේ අතර ටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා.

22 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාමාර්ගවලට බලපාන ආකාරය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී විස්තර කළේ මෙලෙසයි.