Friday, May 3, 2024

General line - 0115112241

පාසැල් විභාග පැවැත්වීම සහ තෙවන වාර පාසැල් නිවාඩු දීම ගැන දැනුම් දීමක්




මේ වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගයත්, 2022 වර්ෂයේ තෙවන වාරය ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අද නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිතයි. අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වෙනු ඇති. 

ඒ අනුව, 2022 වර්ෂයේ දෙවන හා තෙවන වාරය ද සංශෝධනය කර තිබෙනවා. සිංහල හා දෙමළ පාසල් සඳහා මේ වන විට ක්‍රියාත්මක දෙවන වාරය අවසන් වන්නේ දෙසැම්බර් පළමුවනදායි. තෙවන අදියර දෙසැම්බර් 05 වනදා සිට දෙසැම්බර් 22 වනදා දක්වා පැවැත්වෙනවා.

පසුව තෙවන වාරයේ පළමු නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි පළමු වනදා දක්වා ලබාදීමට නියමිතයි. ඉන් පසු යළි ජනවාරි දෙවනදා පාසැල් ආරම්භ වන අතර උසස් පෙළ විභාගය සඳහා පාසැල් වෙත නිවාඩු ලබාදෙන්නේ ජනවාරි 20 වනදායි.

ඉන් පසුව ජනවාරි 21 වනදා සිට පෙබරවාරි 19 වනදා දක්වා පාසැල් වෙත නිවාඩු ලබාදී ඇති අතර තෙවන අදියර සඳහා පාසැල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදායි. ඒ අනුව 2022 වසරේ තුන්වන පාසැල් වාරය අවසන් වන්නේ 2023 වසරේ මාර්තු මස 24 වනදායි.