Monday, May 13, 2024

General line - 0115112241

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් - තිදෙනෙකු ජිවිතක්ෂයට




අමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ පිහිටි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර වෙඩික්කරු ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එලෙස වෙඩි තැබීම සිදුකර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු බවත්, ඔහු එම පාසලේම ආදි සිසුවෙකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් මියගොස් ඇති අනෙක් දෙදෙනා පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් සහ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

වෙඩි තැබීම සිදුවූ ගොඩනැගිල්ලේ දොරටු වසා තිබී ඇති අතර එවන් පසුබිමක් තුළ සැකකරු එම ගොඩනැගිල්ලට ඇතුළු වුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් ප්‍රහාර එල්ල කරමින් සිටියදී සැකකරු සතුව තිබූ ගිනි අවිය එක්වරම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ජීවිත රැසක් බේරුනු බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් සැකකරුට වෙඩි තබා ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු පසුව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.