Friday, May 3, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය නව අගමැති සමග දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීත්වය ගැන අනාවරණයක්




බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් හරහා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව මෙරටට බලපෑම් එල්ල කරනු ඇතැයි කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්පත් රාජපක්ෂ පවසනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා හරහා විශේෂ බලපෑමක් එල්ල කළ හැකි බවයි ආචාර්ය සම්පත් රාජපක්ෂ පැවසුවේ.

ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් වෙනත් රටවල ඉහළ තනතුරුවලට පත්කිරීම සහ රිෂී සුනක් අග්‍රාමාත්‍යධූරයට පත්කිරීම සම්බන්ධයෙන්ද කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්පත් රාජපක්ෂ මෙලෙස කරුණු දැක්වුවා.

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ 57 වන අග්‍රාමාත්‍යවරයා වනවා.