Friday, May 3, 2024

General line - 0115112241

පාසල් සිසුන් රැකගන්න නව වැඩපිළිවෙලක්




සමාජයෙන් සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව පාසලකින් එක් ගුරුවරයෙකු බැගින් තෝරාගෙන එම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.
 
කොළඹ පාසල් සියල්ලේම එක් ගුරුවරයෙකු බැගින් තෝරාගෙන ඊට අදාළ වැඩමුළුවක් මේවනවිටත් ක්‍රියාත්මකයි. ඉදිරියේදී පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඊට අදාළ ආයතන සම්බන්ධ කරගෙන මව්පියන්ද දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.  

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව සිසුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සදහා ඉදිරියේදී වැඩසටහනක් ක්‍රියාවට නංවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.