Friday, May 3, 2024

General line - 0115112241

සීසන් ගන්න අනිවාර්ය වූ නිල ඇඳුම




පාසල් නිල ඇදුමෙන් සැරසී නොපැමිණි සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් පානදුර බස් නැවතුම්පළේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශ පත්‍ර කවුළුව අසල අද උණුසුම් තත්ත්වයක් හටගත්තා.
 
ඒ, සෙනසුරාදා දිනයක් වන අද දිනයේ වාර ප්‍රවේශ පත්‍ර ලබාගත හැක්කේ පාසල් නිල ඇදුමෙන් සැරසී පැමිණෙන සිසුන්ට පමණක් බවට එහි නිලධාරීන් දැනුම්දීමත් සමගයි.

කෙසේවෙතත් පානදුර බස්නැවතුම්පළේ බස්රථ ඇතැම් සේවකයින්ට අමතර මුදලක් ලබාදුනහොත් ඔහු විසින් එම කවුළුවෙන් වාර ප්‍රවේශ පත්‍රය ලබාදෙන බවට සිසුන්ගේ මව්පියන් චෝදනා කරනවා.

සාමාන්‍යයෙන් වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන එම කවුළුව පස්වරු 5 දක්වා විවෘත කර තැබෙනවා. එහෙත් අද දහවල් වනවිටද එම කවුළුව වසා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මීට අදාළ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ සහ නෙත් එෆ් එම් ෆේස්බුක් පිටුවේ ඇතුළත්.