Friday, May 3, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණයට පැමිණෙන දරුවන්ට දැනුම් දීමක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ යටතේ හෙට පැවැත්වෙන සම්මන්ත්‍රණය රත්නපුර සහ අවට පාසල් සිසුන්ට මහත් අත්වැලක් වන බව  රත්නපුර කුමර විද්‍යාලයේ විදුහල්පති පියසිරි පතිරගේ පවසනවා.
 
එම සම්මන්ත්‍රණයට හෙට පෙරවරු 8ට පෙර සහභාගී වන ලෙසට  විදුහපල්පතිවරයා සිසුන්ගෙන් ඉල්ලීමක්ද කළා.

සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරු පියාණන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද හෙට දිනයේ ක්‍රියාත්මකයි. නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාව සදහා මැලිබන්, ගෝල්ඩ් මාරි සහ ඇස්ට්‍රා අනුග්‍රහය ලබා දෙනවා.