Friday, May 3, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද රත්නපුර කුමර විද්‍යාලයේ දී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු 8ට ආරම්භ වනවා. ඒ, රත්නපුර කුමර විද්‍යාලයේදීයි.
 
සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය සිසුන්ට ඉතාම වැදගත් බවයි සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ප්‍රාථමික සහ සෞඛ්‍ය පෝෂණ එස් ජේ යූ බී කෝරලේගෙදර පැවසුවේ.