Friday, May 3, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණය කළ සීසන් ගැටලුවට ගැන ප්‍රවාහන ලේකම්ගේ අවධානය




නෙත් නිවුස් අනාවරණයෙන් පසු පාසල් නිල ඇදුමෙන් සැරසී නොපැමිණි සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
 
පානදුර බස් නැවතුම්පළේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශ පත්‍ර කවුළුව භාර නිලධාරීන් විසින් පාසල් සිසුන් නිල ඇදුමෙන් සැරසී නොපැමිණිම හේතුවෙන් ඊයේ දිනයේ වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබුණේ නැහැ.

එමෙන්ම දෙමාපියන්ටද  සිසුන්ගේ වාර ප්‍රවේශ පත්‍රය ලබාදීමට කටයුතු නොකළ බවයි නෙත් නිවුස් ඊයේ පස්වරු 06 යි 45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස්, ප්‍රවාහන ලේකම් රංජිත් ප්‍රේමසිරිගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කළ බවයි.
 
වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට සිසුන් පාසල් ඇදුමෙන් සැරසී පැමිණෙන ලෙසට නීතියක් පනවා නොමැති බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
 
නෙත් නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.