Friday, May 3, 2024

General line - 0115112241

ස්ථානාධිපතිවරුන්ගේ හිගයෙන් තැපෑල අර්බුදයක




ඉදිරියේදී ලිපි බෙදාහැරීමේ කටයුතුවල තවදුරටත් ප්‍රමාදයන් සිදුවිය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු වී ඇත්තේ තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ දැඩි හිගයයි.

මේවනවිට පුරප්පාඩු පවතින තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංඛ්‍යාව 2,000ක් පමණ වනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ තැපැල් ස්ථානාධිපතිවරුන් 8,600ක් අනුමත වුවද මේවනවිට රාජකාරියේ නිරතව සිටින්නේ 6,500කට ආසන්න ප්‍රමාණයක් බවයි. 

දෙසැම්බර් 31 වනදා තවත් තැපැල් ස්ථානාධිපතිවරුන් 100කට ආසන්න පිරිසක් විශ්‍රාම යනු ලබනවා. තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ පුරප්පාඩු හමුවේ මේවනවිටත් තැපැල් කාර්යාලවල රාජකාරී සිදු කරනු ලබන්නේ දැඩි බාධා මධ්‍යයේයි. මේ හේතුවෙන් දැනටමත් එම කාර්යාලවල ලිපි බෙදාහැරීමට අදාළ මෙන්ම අනෙකුත් කටයුතුවලට බාධාවන් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙකු පැවසුවේ.

දිවයින පුරා ස්ථාපිත තැපැල් කාර්යාල සංඛ්‍යාව 654ක්. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් රාජකාරි කරනු ලබන ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව 1,000කට ආසන්න වනවා. 2016 වසරෙන් පසුව මේ දක්වා තැපැල් ස්ථානාධිපතිවරුන් බදවාගෙන නොමැති බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.