Thursday, May 9, 2024

General line - 0115112241

මෙරට නීතිවිරෝධී මත්පැන් භාවිතය සියයට 300 කින් ඉහළට




මෙරට තුළ නීතිවිරෝධී මත්පැන් භාවිතය සියයට 300 කින් පමණ ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට මත්පැන් භාවිතය පිළිබඳ සිදුකළ සමීක්ෂණයක වාර්තාවක් උපුටා දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ.

2004 සිට 2016 දක්වා වසර 12 ක කාලය තුළ මෙරට මත්පැන් කර්මාන්තයේ සියයට 95 ක වර්ධනයක් දක්නට ලැබුණ ද, එහි නීත්‍යානුකූල මත්පැන්වල වර්ධනය පෙන්නුම් කරන්නේ සියයට 50 ක් පමණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට නිෂ්පාදනය කරන නීතිවිරෝධී මත්පැන්, ව්‍යාපාරිකයින් විසින් විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් සුරාබදු ආදායම අහිමි කර වෙළඳාම් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේවනවිට සුරාබදු දෙපාර්තමේන්තුව බදු ලෙස උපයන ආදායමට වඩා වැඩි ආදායමක් එම ව්‍යාපාරිකයින් විසින් උපයන බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.