Thursday, May 9, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉරණම විසඳන තීරණාත්මක තරගයක් අද




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි. බ්‍රිස්බේන් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ අර්ධ අවසන් වටය පිළිබද යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි වී ඇති තරග දෙකම අනිවාර්යයෙන් ජයගත යුතු වනවා.

නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ “ටොස් එකට කලින්” වැඩසටහනට එක්වෙමින් ක්‍රිකට් විචාරක අනූෂ සමරනායක මෙම තරගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකළ යුතුද? ඒ සම්බන්ධයෙන් ද ක්‍රිකට් විචාරන අනූෂ සමරනායක මෙහිදී අදහස් දැක්වුවා. 

සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේයි. ඉතිරි වී ඇති තරග දෙකම ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 06ක් ලබා ගැනීමට හැකි වනවා. 

කෙසේවෙතත් පළමු කාණ්ඩයෙන් තරග වදින නවසීලන්ත කණ්ඩායම තරග තුනකට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 5ක් සහ
ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 4කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 5ක් රැස්කර එම ලකුණු සටහනේ ඉදිරියෙන් රැදී සිටිනවා. ප්‍රසාද ලකුණු 03ක් ලබාගෙන එංගලන්ත කණ්ඩායම එම ලකුණු සටහනේ රැදී සිටින්නේ තුන්වන ස්ථානයේයි.

ඒ අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත කණ්ඩායම්වලට ඉතිරි වී ඇති තරග වල ප්‍රතිඵලය මත ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි ගමන තීරණය වනු ඇති.