Thursday, May 9, 2024

General line - 0115112241

සේවක හිගය නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු නතරවීමේ අවදානමක්




අධිකරණ සේවක හිගය හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ කටයුතු යථාපරිදි පවත්වාගෙන යාමට බාධා එල්ල වී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව බමුණුහේන්ද්‍ර පැවසුවේ ඉදිරි දෙසතිය තුළ එම අධීකරණයේ කටයුතු අඩපණවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ලබන සතිය වනවිට අධිකරණ කාර්යය මණ්ඩලයේ සේවිකාවන් 11 දෙනෙකු ප්‍රසූත නිවාඩු යාමට නියමිතව සිටීම ඊට දැඩිව බලපා ඇති බව ද නීතීඥ රසික සංජීව බමුණුහේන්ද්‍ර පැවසුවා. 

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ පාර්ශව දැනුවත් කර ඇතත්, මෙතෙක් එම ගැටළුව විසඳී නොමැති බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම්වරයා පැවසුවේ. එවැනි තත්ත්වයක් ඇතිවිමට හේු වූ දරුණු සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිළි කළා. 

ආදායම් බදු සම්බන්ධ නඩුකර විභාගයට ගන්නා කොළඹ අංක 9 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා හැර කිසිඳු කාර්යය මණඩලයක් නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

එම අධිකරණයේ කටයුතු පවත්වාගෙන යාමට වෙනත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ මගින් කාර්යය මණ්ඩලය කැඳවා ගැනීමට සිදුව තිබෙනවා. එහෙත් එලෙස ක්‍රියාකිරීම ද ප්‍රායෝගිකව අපහසුවී ඇති බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව බමුණුහේන්ද්‍ර පැවසුවේ.