Thursday, May 9, 2024

General line - 0115112241

විදේශගත ශ්‍රමිකයින් ගැන විදේශ රැකියා ඇමතිගේ බලාපොරොත්තුව




විදේශගත ශ්‍රමිකයින් මාසිකව මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉදිරි කාලසීමාවේදී ඩොලර් මිලියන 400 සීමාවට පැමිණෙනු ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

රජය හඳුන්වාදුන් දිරිදීමනා ක්‍රම සහ රජය පිළිබඳ විදේශගත ශ්‍රමිකයින් තබා ඇති විශ්වාසය මෙම තත්ත්වයට හේතුවී ඇති බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර එහිදී වැඩිදුරටත් සඳහන් කළා.