Tuesday, May 7, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලකට තහනමක් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්




ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වීමත් සමග ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බව සැලවීමත් සමඟ ඔහු සියලු ආකාර ක්‍රිකට් තරගවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

තවද, ඔහු විසින් සිදු කරන ලදැයි කියන වරද සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා අතර, ඕස්ට්‍රේලියාවේ උසාවියේ නඩුව අවසන් වූ පසු, එම ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගනු ඇත.

ක්‍රීඩකයෙකු විසින් සිදුකරන එවැනි ඕනෑම හැසිරීමක් සඳහා කිසිදු ආකාරයේ මැදිහත්වීමක් සිදුනොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියානු නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.