Tuesday, November 19, 2024

General line - 0115112241

සුරේන්ද්‍ර වසන්තගේ සිද්ධියට අදාල සැකකරුවන් තිදෙනෙකු ගැන පොලීසිය මහජන සහාය ඉල්ලයි 




අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු මධ්‍යස්ථානයේදී ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

2024.07.08 වන දින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවේදී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හා තවත් අයෙකු ඝාතනයට ලක්කර තිබුනා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ -072-4222223 දුරකථන අංක වෙත හෝ ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය 071-8591657 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.