සෙවනගල පොලිස් වසමේ කිරිවැව ප්රදේශයේ නිවසක කාමරයක් තුළ නිදාගෙන සිටි පුද්ගලයෙකුට අද දින අළුයම් කාලයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා.
තුවාලකරු වයස අවුරුදු 37 ක් වන කිරිඉබ්බන්ආර, සෙවනගල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාලකරු තම බිරිඳගේ නිවසේ නිදාගෙන සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇති බවයි සෙවනගල පොලිසිය පවසා සිටියේ.
වෙඩි ප්රහාරයට ලක්වූ එම පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ප්රතිකාර සඳහා ඇතුලත් කර ඇති බවයි සෙවනගල පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
වෙඩි තැබීමට හේතුව හා වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද මෙතෙක් අනාවරණය නොමැති අතර සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.