මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රට තුළ සියලු දෙනාට ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවයි ගම්පහ ප්‍රදේශයේ ජන රැලියක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.
ආබාධිත පුද්ගලයින් සහ එම පවුල්වල සාමාජිකයින් රැකබලා ගැනීම පවතින රජයේ වගකීමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
පවතින රජයන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීම සඳහා පක්ෂය හැරදමා ගියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කඩා වැටීම ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පක්ෂය රැක ගැනීම වෙනුවෙන් සියලුම පාක්ෂිකයින් පක්ෂය සමඟ එක්වන ලෙසයි.
ආර්ථිකය ඉදිරියටත් ගොඩ නැංවීමට අවශ්‍ය නම්, සියලු පාර්ශවයන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වී ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් පැවසුවේ.