රාජ්‍ය දේපල පොදු දේපල රටට අහිමි උන ඒ 88,89 භීෂණකාරී කාලයක රණසිංහ ප්‍රේමදාස මහතා රට ප්‍රකෘති තත්ත්වයට පත් කල බවත් එවන් කාරණා වලට සම්බන්ධ වූ අය අද රට හදන්න ක්‍රියා කරන බව පවසා දේශපාලනය කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා කලොත් ඒක සජබයට අභියෝගයක් නොවන බවත් මෙවර සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ 72 ක් ඉක්මවූ චන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා සිටියා
ඔහු මේ බව සඳහන් කර සිටියේ බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී
16 වෙනිදා ජනාධිපති ප්රචාරක වැඩ ආරම්භ කරමින් 16 වෙනිදා පෙරවරුවේ මහනුවරට යන බවත් පස්වරුවේ කුරුනෑගලින් ප්‍රථම ජන රැලිය පවත්වන බවත් ප්‍රකාශ කලා.ප්‍රධාන පෙලේ ජනරැලි 100 ක් පවත්වන බවත් ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා සිටියේ මෙවැන්නක්
" මීට වසර 35 කට පෙර ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය වෙච්ච දිනය අද.
රාජ්‍ය දේපල පොදු දේපල ඒ කාලයේ රටට අහිමි උනා.
ඒ 88,89 කාලයේ.
එවැනි භීෂණකාරී කාලයක තමයි රණසිංහ ප්‍රේමදාස මහතා රට ප්‍රකෘති තත්ත්වයට පත් කලේ.
එවන් කාරණා වලට සම්බන්ධ වූ අය අද රට හදන්න ක්‍රියා කරන බව පවසා දේශපාලනය කරනවා.
අපි එය පරාජය කල යුතුයි
සමගි ජන බලවේගයේ සන්ධානය ලබන 8 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිර්මාණය කරනව.
එදිනට අප සමග විශාල පිරිසක් එකතු වෙන්න බලාගෙන ඉන්නවා.
නමුත් දූෂණ වංචා චෝදනා තියන අය අපි එකතු කරගන්නේ නෑ.
අද වෙනකොට අධිකරණය හා විධායකය අතර ගැටලුව විසදගන්න කටයුතු කරන බවක් පේන්නේ නැ.වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්න කටයුතු කරන බවක් පේන්නේ නෑ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන බවක් අපිට පේන්නේ නෑ.
අධිකරණ තීන්දුවකට ගරු නොකරනවා නම් ඒක නිතියේ අධිපත්‍යයට හානියක්.
මේක වැරදි ආදර්ශයක්.
ජනාධිපති මේ වැඩබලන පොලිස්පති පත් කරන්න කටයුතු කරන්නේ නැත්නම් ඒක මැතිවරණයට කරන බාධාවක් ලෙසත් අපි දකිනවා.
රට බංකොලොත් වීමට හේතුව ණය ගැනීම කියලා රනිල් ජනාධිපති යාපනයේදී කිව්වා.
නමුත් ණය ගැනීමම නෙවෙයි නිසි වැඩපිලිවෙලක් නැතුව ණය ගැනීමයි ගැටලුව උනේ.
මේ අර්බුදය ඇති උනේ ණය ගැනීම නොවෙයි.නිසි ආයෝජන වැඩපිලිවෙලක් හෝ නැතුව හිතුමතේට ණය ගැනීම නිසයි මේ තත්ත්වය ඇතිඋනේ.ජනාධිපති ගේ ප්‍රකාශය හෙලා දකිනවා.
ඒක වැරදියි."