Tuesday, November 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන දිනය ගැන අනාවරණයක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ නම ලබන 07වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ වනවිටත් සිදු කරමින් සිටින බවයි පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු 90කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙන පසුබිමකයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කර තිබෙන්නේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනත් දේශපාලන පක්ෂ සමඟ එකතු වූවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණයේදී ජය ගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.