Tuesday, November 19, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 55 දෙනෙකු ජිවිතක්ෂයට 




අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ පැවති විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා  තිබෙනවා 

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ භාවිත කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ රජය කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය මාසයේ ආරම්භ වූ වත්මන් විරෝධතා අතරතුර එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙයයි. එය සඳුදා සිට දින තුනක පොදු නිවාඩුවක් ද ප්‍රකාශයට පත් කළේය.

ජාතික විදුලි සංදේශ අධීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු සියලුම 4G සේවා වසා දමන ලෙසත් 2G පමණක් බලාත්මක කරන ලෙසත්  අන්තර්ජාල සේවා සපයන ආයතන දැනුවත් කර තිබෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ  

තවද රජයේ නියෝග පිළිපදින්නේ නැතිනම් බලපත්‍ර අවලංගු කරන බවද එම නිවේදනයේ දැක්වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තබෙනවා.