පවතින වැසි තත්ත්වය අගෝස්තු මස 21 වන දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද දිනයේත් ප්‍රදේශ රැසකට මිලි මීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂ කළ හැකි බවයි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟෙහි කුඩා ගඟ අතු ගංඟාව ගංවතුර තත්ත්වයකට පත්ව තිබෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ ඒ පිළිබඳ පැහැදිලි කරන වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.
කළු ගඟ ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව පවතින වැසි තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ එම නිවේදනය අද පස්වරු 04 දක්වා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.