අද මධ්‍යම රාත්‍රියේ සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එහි සම සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බවයි.
වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන පරිදි ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මේ අතර අගෝස්තු 12 වනදා සිට 18 වනදා දක්වා ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය විසින් කළු විරෝධතා සතියක් අරම්භකර තිබුණු අතර එයද අද මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිත බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා පැවසුවා.
එමෙන්ම මැයි 17 වනදා සිට මේ දක්වා ග්‍රාම නිලධාරිවරුන් විසින් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බවයි ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.