බෙන්තොට පොලිස්වසමේ ග්‍රාමීය පෙදෙසක මත්වතුර ජාවාරම්කරුවෙකුගෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු රුපියල් 6000ක මුදලක් අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බෙන්තොටදී කොස්ගොඩපොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත
එම අල්ලස ලබාදුන් මත් වතුර ජාවාරම්කාර පුද්ගලයා පොලිස් නිලධාරින් අල්ලස් මුදල ලබා ගන්නා ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර එම දර්ශන ප්‍රදේශයේ භාර උසස් පොලිස් නිලධාරියෙකු වෙත යොමු කර තිබුණා.
එලෙස අල්ලස් ලබාගත් බව කියන බෙන්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු හා පොලිස් රියදුරෙක්
මෙම නිලධාරීන් තිදෙනා අද(18) බලපිටිය මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත.
සිද්ධිය පිළිබඳ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විමර්ශන සිදු කරනු ලබනවා.