ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී නායකයින් දෙපළ බටහිර ආසියාවේ ගැටුම ස්ංවාදය සහ රාජ්‍යතාන්ත්‍රිකභාවය තුළින් ඉක්මනින් හා සාමකාමීව විසඳා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
බටහිර ආසියාවේ ගැටුම ආරම්භ වූයේ ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන හමාස් සංවිධානයේ සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පුද්ගලයන් 1200ක් පමණ ඝාතනය කර ඊශ්‍රායල ගණන් බැලීම්වලට අනුව ප්‍රාණ ඇපකරුවන් 250ක් පමණ අල්ලා ගැනීමත් සමඟය.
ඉන් පසුව ඇතිවූ ගැටුම්වලදී හමාස් සටන්කාමීන් 17,000ක් පමණ ඝාතනය කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.
සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙසත් මානුෂීය ආධාර අඛණ්ඩව ගාසා තීරයට යොමු කරන අගමැති මෝදි නැවත වරක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.
ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ විවිධ අංශ සහ ඉන්දියා-ඊශ්‍රායල් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද නායකයින් දෙදෙනා සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළා.