Sunday, November 17, 2024

General line - 0115112241

කම්කරු කොන්ග්‍රසයේ සහායත් ජනපති රනිල්ට - තවත් පිරිසක් ඉදිරියේදී එක්වන බව අගමැති කියයි




ඉදිරි ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව තීරණය කර තිබෙනවා.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පක්ෂයේ මහ ලේකම් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මේ බව සඳහන් කළා.

එම තීරණය ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ සියලුම සාමාජිකයින් ඒකමතිකව ගත් තීරණයක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතා ගිවිසුමක් ද ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.