Sunday, November 17, 2024

General line - 0115112241

දූෂණයෙන් වංචාවෙන් තොර රජයක් බිහි කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්




ඉදිරියේදී බිහිවන සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ දූෂණයෙන්, වංචාවෙන් තොර රජයක් නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ සියලු ජනතාවට සමාන අයිතීන් හිමිවන පාලන තන්ත්‍රයක් නිර්මාණය කිරීම තම රජයේ වගකීම බවයි. 


පසුගිය ජනාධිපතිවරණවලදී ජනතාව මුලා කරමින් විවිධ මත ඉදිරිපත් කළ කණ්ඩායම් ද මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බැවින් ඔවුන්ව මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 


මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකල සාකච්ඡාවකින් අනතුරුවයි.