මෙරට පොලිසියට අත්‍යවශ්‍යව සිටි පාතාල සාමාජිකයෙකු වන ගමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ නොහොත් “කයිවාරු මුතූ” ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ගමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ නොහොත් “කයිවාරු මුතූ” මෙරට ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙකු වනවා.
මොහු මත්ද්‍රව්‍ය ජාවරම් සහ කප්පම් ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙරට පොලිසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙක්.
එමෙන්ම මෙම සැකකරු ප්‍රබල පාතාල කල්ලි සාමාජික “සමයන්ගේ” ගොලයෙකු ද වනවා. පසුගිය කාලයේදී අතුරුගිරිය ප්‍රදේශයේ නිවාස කිහිපයක් ඉදිරිපිට මල් වඩම් තබා නිවාස හිමිකරුවන්ට මරණ තර්ජනය කළ සිද්ධින්වලට අදාළ ප්‍රධාන සැකකරුවෙකු බවටත් කයිවාරු මුතූට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර ඩුබායිහි රැඳී සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් වන “කංජිපානි ඉම්රාන්” සහ “ලොකු පැටී” ද බෙලරූස්හීදී පසුගිය දා අත්අඩංගුවට ගත් බව නෙත් නිවුස් තුළින් පළමු වරට අනාවරණ කළා.
පොලිසිය පැවසුවේ තවත් ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව රටවල් කිහිපයකට අදාළ පාතාල කල්ලි සාමාජිකයන් සම්බන්ධ තොරතුරු ලබා දී රතු නිවේදන නිකුත් කර තිබෙනවා.