Sunday, November 17, 2024

General line - 0115112241

පවතින වැසි තත්ත්වය ලබන 21 වනදා තෙක් - කළු ගඟෙහි ජල මට්ටම තවදුරටත් ඉහළට

එන් ඒ ඩබ් නිරෝෂන්




පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් ලබන 21 වනදායින් පසු බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගත වූ පැය 24 තුළදී මිලි මීටර් 148යි දශම 5ක වැඩිම වර්ෂාපතයක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගගුණ විද්‍යාඥය මලිත් ප්‍රනාන්දු පැවසුවේ.


දිස්ත්‍රික්ක කිහිපයක ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්ක හරහා ගලා බසින ගංඟාවල ජල මට්ටම් මේ වනවිටත් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කළු ගඟෙහි ජල මට්ටම ද ඉහළ යමින් පවතින බැවින් එම ප්‍රදේශ අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී සී සුගීෂ්වර ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


මේ අතර දිස්ත්‍රික්ක 07කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය හෙට දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.