Sunday, November 17, 2024

General line - 0115112241

අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සහාය කාටද?




ඉදිරියේදී තවත් පාර්ශව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසනවා.

ජාතික වශයෙන් දේශපාලනය සම්බන්ධ නොවූ පිරිස් ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීම බරපතල ප්‍රශ්නයක් බවයි අග්‍රාමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.


මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති නීතිරීති සමඟ එකඟ වෙමින් සියලුම ජනාධිපති අපේක්ෂකයන් සිය දේශපාලන කටයුතු සිදුකල යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.