පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලුම පුද්ගලයින් නීතිය හමුවට ගෙන එන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
තම පක්ෂය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු කිසිදු සාමාන්‍ය පුද්ගලයෙකුට හානියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන බවයි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ.
සැප්තැම්බර් 21 වනදායින් පසු ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂ සමඟ එක්වන ක්‍රමය නවතා දැමීමට නව නීති ගෙන එන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.