මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට තෝරා ගන්නා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.
මේ අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම් මහතා නම් කර තිබෙනවා.
වන්නි දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චිය නියෝජනය කරමින් පි සත්‍යලිංගම් මහතා තරග කළා.