Sunday, November 17, 2024

General line - 0115112241

පළමු වරට එක්සත් රාජධානිය ස්ත්‍රී ද්‍රෝහීත්වය ත්‍රස්තවාදයක් ලෙස නම් කරයි




එක්සත් රාජධානිය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය "ජාතික ආරක්ෂාවට තර්ජනයක්" ලෙස හැඳින්වීමෙන් පසුව, ස්ත්‍රී ද්‍රෝහීත්වය ත්‍රස්තවාදයක් ලෙස සැලකීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

ස්වමෙම තීරණය පදනම් වී ඇත්තේ ස්ත්‍රී ද්‍රෝහී බලපෑම් කරන්නන් නව යොවුන් වියේ පිරිමි ළමයින් අන්තර්ජාලය හරහා ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන බවට ඇති විශ්වාසය මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්ව  සිද්ධීන් විසඳීම සඳහා එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් යෙව්ට් කූපර් වත්මන් නීතිවල හිඩැස් හඳුනාගැනීමේ අරමුණින් ත්‍රස්ත මර්දන උපායමාර්ගය සමාලෝචනය කිරීමට නියෝග කර ඇති අතර විශේෂයෙන් අන්තර්ජාලයේ ස්ත්‍රී ද්‍රෝහී කතිකාවත මත නැගී එන මතවාද අධ්‍යයනය කිරීමටද උපදෙස් දී තිබෙනවා.

මෙම යෝජනාව යටතේ ගුරුවරුන්ට, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ පළාත් පාලන ආයතනවලට අනාගතයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත්  ඔවුන් අන්ත ස්ත්‍රී ද්‍රෝහී යැයි සැක කරන සිසුන් වැළැක්වීම සඳහා නීත්‍යානුකූලව යොමු කිරීමට ඔවුන්ට සිදුවනු ඇති බවත් යෙව්ට් කූපර් පවසා තිබෙනවා.

වැලැක්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ පළාත් පාලන ආයතන කාර්ය මණ්ඩලය යමෙක් රැඩිකල්කරණයට ගොදුරු විය හැකි යැයි විශ්වාස කරන්නේ නම් යොමු කිරීමක් කිරීමට නීතිමය රාජකාරියක් යටතට පත් කිරීමෙනි.

බ්‍රිතාන්‍ය ශබ්දකෝෂයට අනුව, misogynist යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවන්ට වෛර කිරීමේ හැඟීම් හෝ පිරිමින් කාන්තාවන්ට වඩා හොඳ යැයි විශ්වාස කිරීමයි.

එංගලන්තයේ සහ වේල්සයේ කාන්තාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුට ලුහුබැඳීම, හිරිහැර කිරීම, ලිංගික අතවර සහ ගෘහස්ථ හිංසනය වැනි අපරාධ වලට ගොදුරු වන බවයි යෙව්ට් කූපර් පවසා ඇත්තේ 

එක්සත් රාජධානියේ නව අගමැති කීර් ස්ටාමර් දශකයක් ඇතුළත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අඩකින් අඩු කරන බවට සපථ කර තිබුණි. නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ ස්ත්‍රී ද්‍රෝහීකම එවැනි අපරාධ පිටුපස ඇති ප්‍රධාන හේතුව බවයි.

 එංගලන්ත ජාතික පොලිස් ප්‍රධානීන්ගේ කවුන්සිලය පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද සිය වාර්තාවේ සඳහන් කළේ 2022 සිට 23 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ වාර්තා වූ අපරාධවලින් සියයට 20 ක් පමණ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බවයි 

සවුත්පෝට් පිහි ඇනුමෙන් පසු කැරලි ගැසූ සහ පොලිසියට පහර දුන් “අපේ සමාජයේ කුඩා, මනස්කාන්ත සුළුතරයක්” මර්දනය කිරීමට තමා සැලසුම් කළ බව මේ මස මුලදී එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් පැවසීය.

සවුත්පෝට් පිහි ප්‍රහාරයෙන් පසු එංගලන්තයේ මෑත කාලයේ ප්‍රචණ්ඩ විරෝධතා කිහිපයක් පැවැත්විණි.