ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
පසුගිය ඇසළ පුර පසලොස්වක පොහොය දිනයේදී වස් සමාදන්වීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේට අද දිනයේ වස් සමාදන් විය හැකි බවද රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ පැවසුවා.
නිකිණි පුර පසලොස්වක පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳව ද රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ කරුණු දැක්වූවා.
මේ අතර නිකිණි පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා පැවැත්වෙන්නේ හලාවත මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදීයි.
ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟින්.