දීර්ඝ කාලයක සිට වනාතවිල්ලුව, තබ්බෝව අධි ආරක්ෂිත රක්ෂිතයේ මහා පරිමාණයෙන් දැව ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කරුවලගස්වැව වනජිවි කාර්යාලයෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.
දැව ජාවාරම සිදු කළ සැකකරු රක්ෂිතයේ ගැවසෙන වන සතුන්ද දඩයම් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබූ ගිණි අවියක්, ජීව පතරොම් 02ක්, හිස් පතරොම් කොපු 09ක්, යකඩ බෝල 100ක්, මුව මස් කිලෝ ග්රෑම් 100ක් සහ දැව ගබඩාක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රාල්මඩුව, එළුවන්කුලම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වනාතවිල්ලුව වනජිවි කාර්යාලය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාරය බලකා නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.