වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 දෙනෙකු නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය අරිසිමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
ඔවුන් ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව සහ ධීවර ආම්පන්න ද සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18ත් 27ත් අතර පසුවන කුච්ච්වේලි ප්‍රදේශයෙහි පදිංචිකරුවන්.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියේ.