නාම යෝජනා භාර ගැනීමේදී ද්විත්ව පුරවැසි භාවයන් සම්බන්ධයෙන් සොයා බැලීමට තමන්ට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නාම යෝජනා භාරදෙන අපේක්ෂකයෙකු පිළිබඳව යම් පුද්ගලයෙකුට ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත යාමේ හැකියාවක් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම ලබන 11 වනදා මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනවා.